Tuesday, January 24, 2017

කෙල්ලෙක් සෝෂල් වීමේ වැරැද්ද
සංස්කෘතිය, ප්රෞඩ ඉතිහාසය, විනය ගැන කතා කරන ලන්කාවේ කෙල්ලෙක් සෝෂල් වුනාම තියෙන වැරැද්ද සුළුපටු නැහැ. ඔවු කියන පිරිසකුත් ඇති, නැහැ කියන පිරිසකුත් ඇති. කොහොම වුනත් මානව හිමිකම් සංවිධානයක වැඩ කිරීමට ලැබුන වාසනාවත් එක්ක ගැටෙන්න සිද්ද වුන පිරිස වැඩි. එහිදී මුණ ගැහුන එක්තරා කාන්තා චරිතයක් හරහා ලැබුන පන්නරයක් සමගින් මගේ පරිකල්පන ශක්තිය වෙනත් මානයකට දිව යන්නට වුනා. නැත්නම් මමත් තවමත් ඇතැම් පිරිමින් හට වැදුම් පිදුම් කරගෙන ඉන්නා තවත් එක් කාන්තාවක් බවට පත් වෙන්නට තිබුනා .අද වන විට සමාජයේ ඇස ගැටෙන සංසිද්ධීන් සමගින් කොන්ද කෙලින් තියාගෙන පිරිමින් හා කරට කර වැඩ කිරීමට එය ඉවහල් වුනා කිව්වොත් හරි.
ජීව විද්යාත්මකව පුරුෂයෙක් ස්ත්රියක් කියන වර්ග කිරීමට ලක් කිරීම හැරුන කොට සියලුම දෙනා මිනිස්සු. අන්න ඒ හැගීම එක්ක කාත් එක්කත් වැඩ කරන්න ගියාම සමහරක් පිරිමි මෙන්ම ගැහැනුත් සිතන්නේ ඒ චරිතය, විශේෂයෙන්ම මන් කියන්නේ කාන්තා චරිතය දිහා බලන්නේ වපර ඇසින්.
මෙතැනදී මතක් කල යුතුම දෙයක් තියෙනවා. ඒ තමයි PINK ෆිල්ම් එක. එහි කාන්තාවන්ගේ නිදහස ප්රශ්න කරනවා . නිදහසේ සුන්දරත්වය භුක්ති විඳිමින් ෆ්ලැට් එකක ගැහැණු ලමයින් තුන් දෙනෙක් ජීවත් වෙනවා. දවසක් රාත්රී කොන්සර්ට් එකක් අවසන් කරලා ඒ තුන් දෙනා එතනදි අඳුරගත්ත කොල්ලො තුන්දෙනෙක් සමග මත්පැන් බොමින් විහිළු කරමින් කාලය ගත කරනවා. මේ අතරේදී එක කොල්ලෙක් කාමරේට ගෙනිහින් ගැහැණු ළමයා හා ලිංගිකව එක්වීමට තැත් කරන විට බෝතලේකින් ඔලූවට ගහනවා. මේ නිසා බරපතල තුවාල ලබනවා.
මින් ඇ ති වුන තරහ නිසා පිරිමි ළමයි ගැහැණු ළමයින්ට තර්ජන අකරමින් ඉදිරියට කතාව දිවෙනවා. සමාජය ගැහැණු ලමයව ප්රශ්න කරනවා. වැදගත් ගැහැණු ළමයි බොන්නේ නැහැ, රාත්රී ඇවිදින්නේ නැහැ.කියන කාරනා තමයි ඔවුන් ගේන්නේ. ඒ වගේම මට මතක් වෙනවා "Indian Daughter" documentary එක. එහිදීත් චෝදකයන් කියන කතාව ගැහණු ළමයි රෑට ඇවිදින්නේ නැහැ. වැදගත්කමක් නැහැ කියල.
ගැහැනු ළමයෙක් හිනා වුනු එක, මත් ද්රව්ය ගන්න එක, රෑ වෙලා එළියේ ඇවිදින එක.. සහ තවත් යම් යම් කාරණා මේ දෙවල්වලින පිරිමියෙක්ට තමන් සමග ලිංගිකව එක්වෙන්න කියල කරන ආරාධනය කොතනද?
තීරණය ඔබේ අතේ...
කිව යුතු ලොකු කතාවක් ඉතා කෙටියෙන්............

Thursday, October 20, 2016

Welcome the New Day with a smile on your face, Love in your heart and positive thoughts in your mind 

A free thinker is defined as a person who forms his or her own opinions about important subjects (such as religion and politics) instead of accepting what others say. 

What makes a freethinker is not his beliefs but the way in which he holds them. If he holds them because his elders told him they were true when he was young, or if he holds them because if he did not he would be unhappy, his thought is not free; but if he holds them because, after careful thought he finds a balance of evidence in their favour, then his thought is free, however odd his conclusions may seem.
— Bertrand Russell, The Value of Free Thought ---
Please share your thoughts with me. You can write articles on Law, Politics, Literature, Sports and Human Rights. Poems and Short Stories are also encouraged.  Your creative work will be published under your name.
Youth are the real change makers. Let’s build a better society.
Write me : madurubasinghe@gmail.com